තුන්වන ශ්‍රේණියේ විදුහල්පති පත්වීම් සඳහා නියෝගයක්

තුන්වන ශ්‍රේණියේ විදුහල්පති සේවයේ තනතුරු සඳහා වන පත්කිරීම් සිදුකිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝග කර තිබෙනවා.

ඒ අනුව අදාළ තනතුරු 4,718ක් සඳහා වන පත්කිරීම් සිදුකිරීමට අධිකරණය හමුවේ එකඟතාවයක් ඇති කර ගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ.

අදාළ පත්කිරීම් සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.