කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනයේ නවතම වාර්තාව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අද නිකුත් කර තිබෙනවා.
අගෝස්තු මාසයේ දී වාර්තා වූ 4% ක අගයට සාපේක්ෂ ව සැප්තැම්බරයේ දී උද්ධමනය 1.3% දක්වා පහත වැටී තිබෙන බවයි එම වාර්තා සඳහන් කරන්නේ.
ආහාර කාණ්ඩයේ උද්ධමනය -4.8% ක සිට -5.2% දක්වා සැප්තැම්බර් මාසයේ දී තවදුරටත් පහත වැටී තිබෙනවා.
එසේම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද 8.7% ක සිට 4.7% දක්වා පහළ ගොස් තිබෙනවා.

