රුපියලේ සුළු ඉහළ යෑමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.73 සිට රු. 318.26 ක් දක්වා අඩු වී තිබෙනවා.

එසේම ඩොලරයේ විකුණුම් මිල රු. 329.80 සිට රු. 329.90 ක් දක්වා වැඩි වී තිබෙනවා.