2023.11.01 දින සිට 2024.02.29 දින දක්වා වන ඉදිරි මාස හතරක කාලය තුළ ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහා ඩීසල් නැව් තොග 04ක් මිල දී ගැනීම වෙනුවෙන් ලංසු කැඳවීමක් සිදු කර තිබෙනවා.
දිගුකාලීන කොන්ත්‍රාත්තු ක්‍රමවේදය යටතේ කැඳවීම් සිදු කර ඇති අතර ඒ සඳහා ලංසු 05 ක් ඉදිරිපත් වී තිබුණු බවයි වාර්තා වෙන්නේ.
ඒ අතරින් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව M/s, Petroleum (Singapore) Pte Ltd. සමාගමට ලබා දීමට විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

