සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවට දැනට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 54ක් පරිත්‍යාග කිරීමට බංගලාදේශය සිය කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව බංගලිදේශයේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ඇමෙරිකානු ඩොලර් 58,307ක් වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් මෙම සතිය තුළ ශ්‍රී ලංකාවට ලබාදීමට අපේක්ෂා කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ.
පිළිකා සහ වකුගඩු රෝග සඳහා ලබා දෙන ඖෂධ ඇතුළු තවත් අත්‍යවශ්‍ය ඖෂධ මෙම ආධාරය යටතේ ලබා දීමට නියමිතව තිබෙනවා.
රට තුළ පවතින ඖෂධ හිඟය විසඳීම සඳහා මෙලෙස කඩිනමින් උපකාර කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයාට, සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ රජයට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය කෘතඥතාව පළ කර තිබෙනවා.

