ජූලි මාසයේ 113,713 දෙනෙක්ට අස්වැසුම ප්‍රතිලාභ

පසුගිය ජූලි මාසය තුළ අස්වැසුම වැඩසටහන යටතේ 113,713 දෙනෙකුට ප්‍රතිලාභ හිමි වී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කරනවා.

ඒ සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 799.5 ක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ වන විටත් අදාළ මුදල් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමේ කටයුතු අවසන් කර ඇති බවයි සඳහන් වෙන්නේ.