බදුල්ලේ ප්‍රදේශ දෙකකට නායයෑමේ අනතුරු ඇඟවීම්

පසුගිය පැය 24 තුළ පැවති අධික වර්ශාපතනයහේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක් සඳහා කහ පැහැති වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ හපුතලේ ප්‍රදේශ වල වෙසෙන ජනතාවට සැලකිලිමත්ව කටයුතු කරන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙන්නේ.