ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.
විදෙස් තානාපති කාර්යාල හා සංචාරක සම්බන්ධීකරණ ආයතන සමග එක්ව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ යටතේ ජාතික උරුම සංරක්ෂණය සහ ප්‍රවර්ධනය සඳහා නව ප්‍රවේශයක් ලෙස ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් විවිධ ප්‍රදේශවල ස්ථාපිත ජාතික උරුමයන් හා සංස්කෘතිකාංග පිළිබඳ වීඩියෝ පට නිර්මාණය කර ඒවා ජාත්‍යන්තරයට රැගෙන යාම සිදු කරනු ඇත.
මේ හරහා විදේශීය සංචාරක ආකර්ශනය වැඩිකර වැඩි විදේශ විනිමයක් ලබා ගැනීමට හැකි වනු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

