ඉතාලියේ භූ කම්පනයක්

අද අලුයම ඉතාලියේ ටස්කනි ප්‍රදේශයේ රික්ටර් මාපාංක ඒකක 4.8ක භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා.

එහි අපිකෙන්ද්‍රය Florence නගරයට ඊසාන දෙසින් වූ Marradi අසල වූ අතර කුඩා පෙර කම්පනයකට පසු මෙම භූ කම්පනය හට ගෙන තිබෙනවා.

භූ කම්පනයත් සමග ප්‍රදේශයේ පාසල් වසා දමා ඇති අතර දුම්රිය ගමනාගමන කටයුතු ද අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

කෙසේවෙතත් කිසිදු දේපළ හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැති බවයි ඉතාලියේ ගලවා ගැනීමේ කණ්ඩායම් සඳහන් කරන්නේ.