ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස 1,500ක් ලබා දීමට එහි ප්‍රාන්ත ඇමති පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඉන්දීය රුපියල් මිලියන 79.70 ක පමණ වියදමක් දරමින් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 13ක් පුරා පැතිරී ඇති පුනරුත්තාපන කඳවුරු ආශ්‍රිතව මෙම නිවාස ඉදිකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
තිරුවානාමලෙයි, තිරුචිරප්පල්ලි, කොයිම්බතූර්, ඊරෝඩ්, සේලම්, විරුදුනගර් සහ ශිවගංග ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක මෙම නිවාස ඉදිකර ඇති අතර තවත් පුනරුත්ථාපන කඳවුරු 35ක නව නිවාස 3,510ක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බවයි මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

