පාස්කු ප්‍රහාරයේ සත්‍ය සැඟවීමට රජය යම් උත්සාහයක් දරන බවට පෙනී යන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා.
ඔහු අවධාරණය කරන්නේ රජය විසින් මේ සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා අඩු උනන්දුවක් දක්වන්නේ එය යම් පුද්ගලයෙක්, පුද්ගල කණ්ඩායමක්, හෝ දේශපාලන කණ්ඩායමක් ජයග්‍රහණය කරවීම සඳහා නිර්මාණය වූ ත්‍රස්තවාදී සිද්ධියක් නිසා දැයි සැක සහිත බවයි.
එසේම පාස්කු ප්‍රහාරය කේන්ද්‍රකරගෙන පාර්ලිමේන්තුව පැමිණි මහජන නියෝජිතයන් 134 දෙනෙක් විසින් වර්තමාන ජනාධිපතිවරයාව පත් කර ගෙන තිබීම හේතුවෙන් මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයාට පැහැදිලි වරමක් ඇති බවයි විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ.

