අද සවස මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය අසල ඇති වූ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා,
සිද්ධියෙන් හය හැවිරිදි දැරියක තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත් වූ අතර ඇගේ පියා ද තුවාල ලබා තිබෙන බවයි වාර්තා වෙන්නේ.
එම දරුවාගේ පියා වෙඩික්කරු ගේ ඉලක්කය බවට පත්ව ඇති අතර ඔහු ඉකුත් වසරේ කොටහේන ප්රදේශයේ සිදුවු අපරාධ සිදුවීමක ප්රධාන සැකකරුවෙකු බවයි පොලිසිය අනාවරණය කර ගෙන ඇත්තේ.
සිද්ධිය සිදු වන අවස්ථාවේ දී ඔහු සමඟ ඔහුගේ බිරිඳ සහ දරුවා ත්රී රෝද රථයේ ගමන් කරමින් සිට තිබෙනවා.
සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සහ තවත් විමර්ශන කණ්ඩායම් කිහිපයක් මේ වන විට විමර්ශන අරම්භ කර තිබෙනවා

