ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර පැවති 2023 ආසියානු කුසලාන අවසාන මහා තරඟයේ පහසු ජයක් ලබා ගනිමින් මේවට ආසියානු කුසලානය තමා සතු කර ගැනීමට මීට සුළු මොහොතකට පෙර ඉන්දියාව සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායමට ඉන්දීය පන්දුයවන්නන් හමුවේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 50 ක් වනවා.
එය එක් දින තරග ඉතිහාසයේ ශ්රී ලංකා කණ්ඩායම වාර්තා කළ දෙවැනි අඩුම ලකුණු ගණන මෙන්ම ආසියානු කුසලාන ඉතිහාසයේ ඕනෑම කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු ගණන ලෙසයි වාර්තා වෙන්නේ.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 6යි එක් පන්දුවක් තුළ කිසිවෙකු නොදැවී ලකුණු 51ක් ඉතා පහසුවෙන් ලබා ගත්තා.
ඒ අනුව 2022 ආසියානු ශූරයින් ලෙස ශ්රී ලංකාව දැරූ කිරුළ අද ඉන්දියාවට තම රටේ දීම පිරිනැමීමට දසුන් ශානක ප්රමුඛ ශ්රී ලංකා කණ්ඩායමට සිදු වුණා.

