පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීමේ බලය විමධ්‍යගත කරමින් දිස්ත්‍රික් මට්ටමින් විමර්ශනය ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.
වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ යෝජනාවකට අනුව දිස්ත්‍රික්ක 25 තුළ විමර්ශන පැවැත්විය හැකි ක්‍රියාපටිපාටියක් සකස් කර ඇති අතර එය එළි දැක්වීමද ඊයේ සිදු කර තිබෙනවා.
පාරිභෝගිකයන් යොමුකරන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ප්‍රධාන කාර්යාලයට පැමිණිය යුතු වීම නිසා විමර්ශන කටයුතු විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවත්, ඒ හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ පාරිභෝගිකයන් හට සහන සැලැස්විමේ අරමුණ කඩ වන බවත් එම අධිකාරිය අවධාරණය කරනවා.

