මෙරට වගා කිරිම සඳහා නව දෙළුම් ප්‍රභේද දෙකක් හඳුන්වා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයින් සමත් වී තිබෙනවා.
ඉහළ අස්වැන්නක් සහිත මෙන්ම ඉතාමත් මිහිරි රසයකින් යුත් මෙම දෙළුම් ප්‍රභේද දෙක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් තවත් මාස කිහිපයකින් මෙරට වගාව සඳහා හඳුන්වා දීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
දැනට බහුලව වගාව සඳහා භාවිත කරන්නේ ආනයනික දෙළුම් විශේෂයන් වන අතර දෙළුම් බීජ මෙන්ම පලතුරක් ලෙස භාවිතයට ගන්නා දෙළුම් වැඩි ප්‍රමාණයක් මෙරටට ඉන්දියාව හා වෙනත් රටවලින් ආනයනය කරනු ලබනවා.
මෙම එක් ගසකින් මාස අටක් ඇතුලත කිලෝග්‍රෑම් 10 – 15 ත් අතර අස්වැන්නක් ලබා ගත හැකි අතර වසර පුරාම ඵල දරන මෙම ගසක ආයු කාලය වසර 35ක් වන බවයි එම පරීක්ෂණ වලින් සොයා ගෙන තිබෙන්නේ.

