අධික වර්ෂාව හමුවේ බ්‍රසීලයේ ගුවන්යානයක් හා ජෙට් යානයක් එකිනෙක ගැටෙයි

බ්‍රසීලයේ උතුරු ඇමසෝනාස් ප්‍රාන්තයේ දී ගුවන්යානයක් සහ කුඩා ජෙට් යානයක් එකිනෙක ගැටීම හේතුවෙන් එම ජෙට් යානයේ සිටි පුද්ගලයන් 14 දෙනෙක් ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

ගුවන් යානයේ නියමුවා අඩු දෘශ්‍යතාවක් සහිත අධික වර්ෂාපතනයක් යටතේ සංචාරක නගරයක් වන බාර්සිලෝස් වෙත ළඟා වී ඇති අතර එහි දී නොදැනුවත්වම ගුවන් යානය ධාවන පථයේ අඩක් පහළට ගමන් කර තිබෙනවා.

එහි දී ජෙට් යානට හා ගැටී ඇති අතර පසුව ජෙට් යානය කඩා වැටී එහි මඟින් 12 දෙනෙක් සහ කාර්යය මණ්ඩලයේ දෙදෙනෙක් ජිවිතක්ෂයට පත් වුණා.

මේ දිනවල එම කලාපයේ අධික වර්ශපතනයක් පවතිනු ලබන අතර ගුවන් යානය ගොඩබෑමේ දී එය අනුගමනය කළ මාර්ගයේ දෝෂයක් මෙම අනතුරට හේතු වී ඇති බවත් එම ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරනවා.