දකුණු චීන මුහුදු කලාපයේ 8 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව (South China Sea Buddhist Shenzhen Roundtable) ලබන ඔක්තෝබර් මස 24,25 සහ 26 දිනයන්හි දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය විසින් එහි සත්කාරකත්වය දරනු ලබන අතර සමාරම්භය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තොබර් 24 වනදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වේ.
චීනයේ ෂෙන්සෙන්හි හොංග්ෆා විහාරස්ථානයේ (Hongfa Temple) මූලිකත්වයෙන් 2016 වර්ෂයේ සිට සංවිධානය කරනු ලබන දකුණු චීන මුහුදු කලාපයේ බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව වාර්ෂිකව අන්තර්ජාතික කථිකාවතක් ලෙස පැවැත්වෙන බවත් “සමගියෙන් එකට ගමන් කර සේද මාවතේ ප්‍රඥාව රැස් කරන්න” (Walk Together in Harmony and Gather the Wisdom of the Silk Road) තේමාව යටතේ රටවල් 22ක සහභාගීත්වයෙන් මෙවර එය පැවැත්වේ.

