ඉන්දියාවෙන් ආනයනය කරන ඇති බිත්තර සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කරනවා.
එසේම එහි සභාපති ආසිරි වලිසුන්දර කියා සිටියේ ඉන්දියාවේ පිළිගත් රසායනාගාර තුනක දී සිදුකරන පරීක්ෂවල වාර්තා ශ්‍රී ලංකාවට ලැබීමෙන් අනතුරුව පමණක් බිත්තර ආනයනය කරන බැවින් ඒවායේ සුරක්ෂිතතාවය ඉහළ මට්ටමක පවතින බවයි.
එසේම එලෙස පරීක්ෂණවලින් සමත් වී ආනයනය කරන ලද බිත්තර ලංකාවේ දී ද තවත් පරීක්ෂණවලට භාජනය කරන බවයි ඔහු සඳහන් කළේ.
ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම කඩාකප්පල් කිරීම සදහා මීට පෙරද ඇතැම් පාර්ශව විසින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ බව ද ඔහු අවධාරණය කරනවා.

