2023 වසරේ දකුණු ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උළෙල (11th SIIMA) පසුගිය සැප්තැම්බර් 15 සහ 16 යන දෙදින ඩුබායි හි පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දී ඇති උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබුවා.
සම්මාන උළලේ පළමු දින කන්නඩ සහ තෙලිඟු සිනමාවේ හොඳම චිත්‍රපට සඳහා සම්මාන ප්රදානය කරන ලද අතර දෙවනි දින එනම් සැප්තැම්බර් 16 දින දෙමළ සහා මලයාලම් සිනමාවේ චිත්‍රපට සඳහා සම්මානය ප්රදානය කෙරුණා.
2022 වසරේ එළි දක්වන ලද තෙළිඟු, දමිළ, මලයාලම් සහ කන්නඩ චිත්‍රපට අතරින් හොඳම පිටපත, රංගනය, සංගීතය යනාදී ක්ෂේත්‍ර ගණනාවකම දක්ෂයන් මෙහි දී ඇගයීමට ලක් කෙරෙනු ලැබුවා.
එහි දී හොඳම දෙමළ නළුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ‘Vikram’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් රංගන ශිල්පී කමල් හසන් වනවා.
ඊට අමතරව Vikram චිත්‍රපටයේ ඇතුළත් වූ ‘Pathala Pathala’ ගීතය වෙනුවෙන් හොඳම පසුබිම් ගායකයාට හිමි සම්මානය දිනා ගැනීමට ද කමල් හසන් සමත් වුණා.
Ponniyin Selvan චිත්‍රපටයේ කුන්දවායි (Kundavai) කුමරියගේ චරිතයට පණ පෙවූ ත්‍රිෂා හොඳම දමිළ නිලියට හිමි සම්මානය දිනා ගනු ලැබුවා.
K.G.F. Chapter 2 චිත්‍රපටයේ රඟ පෑ Yash හොඳම කන්නඩ නළුවාට හිමි සම්මානය දිනා ගනු ලැබූ අතර එම චිත්රපයේ ම රඟ පෑ Srinidhi Shetty හොඳම කන්නඩ නිළියට හිමි සම්මානය දිනා ගනු ලැබුවා.
හොඳම තෙලඟු චිත්‍රපටය ලෙස “Sita Ramam” ද, හොඳම කන්නඩ චිත්‍රපටය ලෙස “777 Charlie” චිත්‍රපටය ද සම්මානයට පාත්‍ර වනු ලැබුවා.
එසේම AGS Entertainment විසින් නිෂ්පාදනය කරන ලද Love Today චිත්‍රපටය හොඳම දෙමළ චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවා.
“Kantara” යන කන්නඩ චිත්‍රපටය සම්මාන 8 ක් දිනා ගනිමින් වැඩිම සම්මාන ගණනකට හිමිකම් කියූ චිත්‍රපටය බවට පත් වුණා.








