ඉන්දියාව සමග පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් තරගය දැන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
එහි දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර පැතුම් නිස්සංක හා කුසල් පෙරේරා ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියා.
කෙසේවෙතත් කුසල් පෙරේරාට සහ ඉන් පසුව පිටියට පැමිණි පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංන්ජය ද සිල්වා සහ නායක දසුන් ශානක යන ශ්‍රී ලංකා මුල් පිතිකරුවන් සිව් දෙනාටම ලකුණු නොලබාම පිටියෙන් ඉවත්ව යාමට සිදු වුණා.
එසේම කුසල් මෙන්ඩිස් ලකුණු 17කටත් පැතුම් නිස්සංක ලකුණු 2කටත්, ධනංජය ද සිල්වා ලකුණු 4කටත් දැවී ගිය අතර විශිෂ්ට පන්දු යැවීමක නිතර වු මොහොමඩ් සිරාජ් ලකුණු 13කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුණා.
හර්දික් පාණ්ඩ්‍යා කඩුලු තුනක් සහ ජස්ප්‍රිට් බුම්රා එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

