පොලිසියෙන් ගුණාත්මක සහ අවංක සේවයක් අපේක්ෂා කරනවා – ආරක්ෂක ඇමති

සියලු ම පොලිස් නිලධාරීන්ගෙන් පොලිස් සේවයට අවංක සහ ගුණාත්මක සේවයක් තමන් අපේක්ෂා කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කරනවා.

පොලිස් නිලධාරීන්ගේ බටා දීමනාව ලබා දීම, ශ්‍රී ලංකා පොලීසියට නව ජීප් රථ 500ක් ලබා දීම වැනි කරුණු හරහා පොලිස් නිලධාරීන්ගේ ශුභසාධනය ඉහළ නංවා ඇති අතර එයට ප්‍රතිඋපකාරයක් ලෙස පොලිස් නිලධාරීන්ගෙන් අවංක සහ ගුණාත්මක සේවයක් සහ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීමට ක්‍රියාත්මක වීම අපේක්ෂා කරන බව යි ඔහු පවසන්නේ.

එසේම මින් පෙර පොලිස් නිලධාරීන්ගේ ගෞරවය හා අභිමානය පිරිහී තිබුණු බව ත්, පසුගිය අවුරුද්ද පුරාවට ම සිදු කළ දේ හේතුවෙන් පොලිස් ගෞරවය සහ අභිමානය නැවත ඉහළ නංවා තැබීමට හැකි වූ බව ත්‍ ඔහු සඳහන් කරනවා.

තව ද සමහරුන් පොලිසියට කෙතරම් බැන වැදුන ද, අවසානයේ තමාට යම් අසාධරණයක් සිදු වූ විට තමාගේ පිහිටට සිටින්නේ ද ශ්‍රී ලංකා පොලිසිය පමණක් ම බවද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පෙන්වා දෙනවා.