ලංගමට නව රියදුරන් සහ කොන්දොස්තරවරු

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා අලුතින් කොන්දොස්තරවරුන් 381 දෙනෙකු බඳවා ගැනීමට නියමිත බව සභාපති ලලිත් ද අල්විස් මහතා ප්‍රකාශ කරනවා.

ඔහු සඳහන් කළේ විවිධ අක්‍රමිකතා හේතුවෙන් මාසිකව කොන්දොස්තරවරුන් 100 කර ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් ඉවත් කිරීමට හෝ සේවය තහනම් කිරීමට සිදු වීම හේතුවෙන් මෙලෙස නව බඳවා ගැනීම් සිදු කරන බවයි.

එසේම රියැදුරන් 912 දෙනෙකු ද අලුතින් බඳවා ගැනීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.