ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත යළි ගැසට් කෙරේ

බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නියෝග පරිදි ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත යළිත් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මින් පෙර ද පසුගිය මාර්තු මස 22 වැනි දින ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කළත් ඊට බොහෝ පාර්ශව වලින් චෝදනා එල්ල වීමත් සමඟ එය සංශෝධනය කිරීමට රජය විසින් පියවර ගනු ලැබුවා.

ඒ අනුව මින් පෙර ගැසට් කළ පනතේ වූ අඩුපාඩු මෙම නව පනත් කෙටුම්පතෙහි සංශෝධනය කර තිබෙන බවයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.