පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව සිය වීඩියෝව හරහා එල්ල කරන ලද චෝදනා ගැන සොයාබැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් අයි ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස විශ්‍රාමික ගුවන් හමුදාපති ඒ සී එම් ජයලත් වීරක්කොඩි සහ ජනාධිපති නීතිඥ හර්ෂ ඒ ජේ සෝසා කටයුතු කරනු ඇත.

