කියුබාව සහ ලංකාව අතර එකඟතා කිහිපයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබා ජනාධිපති මිගෙල් ඩියෙස් කැනල් මහතා සමඟ පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිඵල ලෙස ලංකාව සහ කියුබාව අතර එකඟතා කිහිපයක් ඇති කර ගෙන තිබෙනවා.

එම සාකච්ඡා වල දී දෙරට අතර හුවමාරු වැඩසටහනක් පිළිබඳව මෙන්ම වෛද්‍ය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ එකඟතාවයකට පැමිණීම පිළිබඳව සහ ක්‍රීඩා පුහුණුවරුවන් සම්බන්ධව ද අදහස් දක්වා තිබෙනවා.

එසේම ජගත් සංවිධාන යෝජනාවල දී ශ්‍රී ලංකාව අඛණ්ඩව කියුබාවට සහාය පළ කරනු ලබන අතර ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන මානව හිමිකම් යෝජනාවල දී කියුබාව ශ්‍රී ලංකාවට සහාය දක්වනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

අද කියුබාවේ හවානා නුවර දී ආරම්භ වීමට නියමිත ‘G77 සහ චීනය’ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවට ගොස් සිටිනවා.