බන්ධනාගාරගත රැඳවියන් 933 කට නිදහස

වි‍‍ශේෂ රාජ්‍ය සමාව යටතේ ජනාධිපතිවරයා විසින් බන්ධනාගාරගත රැඳවියන් 933ක් නිදහස් කර තිබෙන බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා නිවේදනය කරනවා.

ඒ පසුගිය 12 වනදාට යෙදී තිබූ 25 වන ජාතික සිරකරු දිනය නිමිති කර ගෙන ය.

එසේම නිදහස ලැබූ සිරකරුවන් අතරට පිරිමි රැඳවියන් 926ක් සහ කාන්තා රැඳවියන් 07ක් ඇතුළත් වී තිබෙනවා.