ශ්‍රී ලංකන් සේවයට විදේශ නියමුවන්

පවතින ගුවන් නියමු හිඟයට පිලියමක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයට විදේශීය ගුවන් නියමුවන් බඳවාගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා.

ඒ සඳහා රජයේ අනුමැතිය හිමිව ඇති බව යි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් මහතා ප්‍රකාශ කළේ.

පසුගිය සමයේ රටේ ඇතිවූ අස්ථාවරත්වය සහ ආර්ථික අර්බුධකාරී වාතාවරණය මධ්‍යයේ ගෙවුණු වසර තුළ ගුවන් නියමුවන් 60කට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් ඉවත්ව ගොස් තිබෙන බව වාර්තා වෙනවා.