කොළඹ, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීවේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ ඒ අවට ප්‍රදේශවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ ඒ අවට ප්‍රදේශවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර සහ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සහ ඒ අවට ප්‍රදේශවලටත් අදාළ අනතුරු ඇඟවීම ක්‍රියාත්මකයි.
අද පස්වරු 04 ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 04 දක්වා බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ.

