නවක වදය සම්බන්ධව දැනුම් දීමට දුරකථන අංකයක්

විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වල සිදුවන නවක වදය සිද්ධි සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පොලිසිය විසින් නව දුරකතනය අංකයක් හදුන්වා දී තිබෙනවා.

ඒ අනුව 076 545 3454 වට්සැප් දුරකතන අංකය ඔස්සේ අදාළ තොරතුරු ලබා දිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ.