යාපනය ශීක්ෂණ රෝහල තුළ හෙදියන්ට හා අනෙකුත් සියළුම සේවකයින්ට තම සේවා කාලය තුළ ජංගම දුරකතන භාවිතය තහනම් කරමින් උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා විසින් නියෝගයක් කර තිබෙනවා.
උණ රෝගය සදහා ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශීක්ෂණ රෝහලට පැමිණි දැරියකගේ අතක් කපා ඉවත් කිරීමට සිදු වූයේ දැරිය ඇතුළු කළ වාට්ටුවේ හෙදියගේ නොසැලකිල්ල හා එම හෙදිය රෝගියා පිළිබදව කිසිදු අවධානයක් යොමු නොකීරීම නිසා බවට තොරතුරු හෙළි වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත.
අදාළ හෙදියට එරෙහිව සාක්කි දී ඇති බොහෝ රෝගීන් පවසා අත්තේ එම හෙදිය සිය ජංගම දුරකතනය සමග කටයුතු කිරීමට දවසේ වැඩි කාලයක් ගන්නා බවත් රෝගීන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලබා නොදෙන බවත්ය.
මේ හේතුවෙන් පළමු පියවර ලෙස යාපනය ශීක්ෂණ රෝහල තුළ ද, ඉතා ඉක්මනින් උතුරේ සියළුම රෝහල්වල ද මෙම නියෝගය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

