විදේශ, ආරක්ෂක ප්‍රතිපත්ති මේ වසර ඇතුළත ලබා දෙන්න – ජනපති

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට අවශ්‍ය කෙටුම්පත මේ වසර අවසන් වීමට පෙර සකස් කොට භාර දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ කෙටුම්පත සකස් කරන ලෙස විදේශ අමාත්‍ය අලි සබ්‍රිටත්, ජාතික ආරක්ෂාව පිලිබඳ ප්‍රතිපත්තිය සකස් කරන ලෙස ආරක්ෂක අමාත්‍යංශයටත් භාර දී තිබෙනවා.

එමෙන්ම මෙම අමාත්‍යංශ අනුගමනය කරමින් ඉදිරියේ දී අනෙකුත් අමාත්‍යංශවල ද ජාතික ප්‍රතිපත්ති සකස් කළ යුතු බවද, ඒ හරහා ආණ්ඩු වෙනස් වුවද ස්ථාවර ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යාමට හැකි වනු ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.