මෑතක දී චීනයට බලපෑම් එල්ල කළ Haikui සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හමුවේ දකුණු චීනයේ අභිජනන ගොවිපලකින් කිඹුලන් 70 කට අධික සංඛ්‍යාවක් පැන ගොස් ඇති බව චීන බලධාරීහු පවසනවා.
එම කිඹුලන්ගෙන් බහුතරය Guangdong පළාතේ වෙරළට ආසන්න නගරයක් වන Maoming හි වැවක සිටින බවට වාර්තා වන අතර එම කිඹුලන් ඇල්ලීමේ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මකව පවතිනවා.
එරට හදිසි සේවා නිලධාරීන් පවසන්නේ වැඩිහිටි කිඹුලන් 69 ක් සහා කිඹුල් පැටවුන් 6 ක් මෙලෙස පැන ගොස් ඇති බවයි.
මේ වන විට එම කිඹුලන් ගෙන් කොටසක් පමණ අල්ලා ගෙන ඇති නමුත් තවත් කිඹුලන් වැවේ ගැඹුරු ප්‍රදේශවල සිටින බවයි ඔවුන් පවසන්නේ.
මෙසේ අල්ලා ගන්නා ලද වැඩිහිටි කිඹුලන් සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 75 ක් පමණ බරින් යුතු වන අතර දිග මීටර් 2 කට වඩා වැඩි වන බව වාර්තා වනවා.
කෙසේවෙතත් මෙම අල්ලා ගන්නා කිඹුලන් ගෙන් බොහෝ ප්‍රමාණයක් ම ආරක්ෂක හේතූන් මත වෙඩි තබා මරණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
ප්‍රදේශයේ පදිංචිකරුවන්ට පැන ගිය කිඹුලන් අල්ලා ගන්නා තෙක් ආරක්ෂිත් ස්ථාන වල සිටින ලෙස බලධාරීන් විසින් දන්වා තිබෙනවා.
චීනය, හොංකොං, තායිවානය සහ ජපානයට බලපෑ මෙම Haikui සුළි කුණාටුව සතියකට වැඩි කාලයක් දකුණු ආසියාව පුරා ගමන් කරමින් පැවතිය අතර හමා ගිය ප්‍රදේශ වලට විශාල හානියක් සිදු කරන ලදී.

