ශ්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත්රයට විශිෂ්ට මෙහෙවරක් සිදු කළ සාහිත්‍යධරයන් ඇගයීම සඳහා වූ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල හෙට එනම් සැප්තැම්බර් 14 වන දා පැවැත්වීමට නියමිත යි.
එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායකගේ සහභාගීත්වයෙන් එල්ෆින්ස්ටන් රංග ශාලාවේ දී පැවත්වේ.
මෙහි දී භාෂා ත්‍රිත්වයෙන් ම විෂය ක්ෂේත්‍ර 19 ක් යටතේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන 41 ක් පිරිනැමීමට නියමිතය.
සාහිත්‍යකරුවෙක් වෙනුවෙන් ජීවිතයේ එක වරක් පමණක් හිමිවන සාහිත්‍යරත්න සම්මානය මෙවර හිමි වන්නේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, කේ. සට්ටානාදන් සහ ජෙරල්ඩ් පීරිස් යන සාහිත්‍යකරුවන්ට ය.

