2023 ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්රී ලංකාවට එරෙහිව පැවති තරගය ලකුණු 41කින් ජයගැනීමට ඉන්දියාව සමත් වුණා.
ඉන්දියාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ යාදව් කඩුලු 4ක් ද, බුම්රා සහ ජඩේජා කඩුලු 2 බැගින් ද දවා ගනු ලැබුවා.
පිළිතුරු ඉනිම ක්රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායමට ඉන්දීය පන්දුවයන්නන් හමුවේ එතරම් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.
ශ්රී ලංකාව වෙනුවෙන් පන්දු 46කට මුහුණදුන් දුනිත් වෙල්ලාලගේ හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 42ක් රැස් කර ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් අවසානයේ පන්දුවාර 41යි පන්දු 3කදී ශ්රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා දවාගැනීමට ඉන්දීය පන්දුයවන්නන්ට හැකි වූ අහර ඒ අනුව තරඟයේ ජය ඉන්දියාව තමන් සතු කර ගත්තා.

