අද ඩොලරයට ලැබුණු වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරයට හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 316.54 ක් ලෙස හා විකුණුම් මිල රු. 327.92 ක් ලෙස සටහන් වී තිබෙනවා.