රත්නපුර දිස්ත්රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට සහ රත්නපුර යන ප්රදේශවලට නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
අද පස්වරු 4 සිට හෙට පස්වරු 4 දක්වා වලංගු වන ලෙසයි මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන්නේ.
ඒ අනුව අදාළ ප්රදේශවල ජීවත්වන පිරිස් මෙම අනතුරු ඇගවීම් සම්බන්ධව නිරතුරු විමසිල්ලෙන් පසුවන ලෙසයි ආපදා කලමණාකාර දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

