න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳව ගිවිසුමට අත්සන් තැබීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
මෙම ගිවිසුමට අදාළ පියවර ගැනීම සඳහා අනුමැතිය හිමි වුණේ 2021 වසරේ දෙසැම්බර් 20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ය.
ඒ අනුව මේ මස නිව්යෝක් හී දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සභා රැස්වීමට සමගාමීව පවත්වනු ලබන උත්සවයේ දී ශ්‍රී ලංකාව එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය.

