විදුලි බිල සම්බන්ධව තීරණය කරන්න ලංවීමට බෑ

විදුලි බිලේ අඩු වීම හෝ වැඩි වීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ලංකා විදුලි බල මණ්ඩලයට ගත නොහැකි බව එහි සාමාන්‍යධිකාරී රොහාන් සෙනවිරත්න මහතා පවසනවා.

විදුලි බල මණ්ඩලයේ කාර්යය වන්නේ එහි ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුවත් කරමින් දත්ත ලබා දීම පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම දත්ත අනුව විදුලි බිල සංශෝධනය කිරීම සඳහා බලතල ඇත්තේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවට බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එසේම වසරකට දෙවරක් පමණක් විදුලි බිල සංශෝධනය කිරීම රජයේ ප්‍රතිපත්තිය වන බවින් නැවත විදුලි බිල සංශෝධනයක් සිදු කළ හැක්කේ 2024 වසරේ ජනවාරි මස බවත් ඔහු ප්‍රකාශ කරනවා.