අස්වැසුම ප්රතිලාභ සඳහා සුදුසුකම් ලැබුවන් 62,632 දෙනෙකුට ජාතික හැඳුනුම්පත නොමැති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා.
ප්රතිලාභ ලබා ගැනීම සඳහා බැංකු ගිණුමක් අවශ්‍ය වන අතර බැංකු ගිණුමක් ආරම්භ කිරීම සඳහා ජාතික හැඳුනුම්පතක් අනිවාර්ය වුවත් එම මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පුද්ගලයන් සඳහා ද බැංකු ගිණුම් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
එසේම මෙම ප්රතිලභින්ට මාස 06 ක් ඇතුළත ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිලිබඳ කාරක සභාව විසින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබෙනවා.
මේ නිසා ජාතික හැඳුනුම්පතක් නොමැති සියු අස්වැසුම ප්රතිලභින්ට මේ සඳහා අයදුම් කරන ලෙස දැනුවත් කරන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

