කිම් ජොං උන් රුසියාවට

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඔහුට අයත් වෙඩි නොවදින දුම්රියෙන් දේශ සීමාව පසුකර රුසියාවට පැමිණ තිබෙනවා.

නැගෙනහිර රුසියාවේ ව්ලැඩිවොස්ටොක් නගරයේ දී කොරියානු නායකයා රුසියානු ජනාධිපති පුටිං හමුවීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කලාපීය සහ ගෝලීය ගැටළු පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව ක්‍රෙම්ලිනය තහවුරු කර තිබෙන අතර යුක්රේනයේ යුද්ධය සඳහා උතුරු කොරියාවට ආයුධ විකිණීමට රුසියාව මේ හරහා උත්සාහ කරනු ඇති බවයි ඇමරිකාව ප්‍රකාශ කරන්නේ.

රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු පසුගිය ජූලි මාසයේ දී පියොංයැං වෙත යාම මෙම සංචාරයට රුකුල් වූ බවයි විචාරකයෝ පවසන්නේ.