රට පුරා රෝහල් වල නිහඬ විරෝධතාවක්

අද රට පුරා රෝහල්වල දහවල් 12 සිට සවස 2.00 දක්වා නිහඬ විරෝධතාවක් ආරම්භ කිරීමට සූදානම් වී ඇති බව වාර්තා වෙනවා.

වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් රට හැර යාම නිසා රෝහල් ක්ෂේත්‍රය තුළ ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වයට විසඳුම් ඉල්ලමිනුයි මෙම විරෝධතාව සංවිධානය කර ඇත්තේ.