වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු වෙයි

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කෙරුණු දුම්රිය ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමට සිදු වී තිබෙනවා.

වැටුප් වර්ධක සම්බන්ධ ගැටලුවක් මුල්කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව යි එම සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක මහතා පැවසුවේ.

මේ අතර අද උදෑසන හලාවත, ගනේවත්ත, අලුත්ගම සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය කිහිපයක් ද, කොළඹ සිට ධාවනයවීමට නියමිතව තිබූ කෙටි දුම්රිය ගමන් වාර කිහිපයක් ද අවලංගු වී ඇති බවයි දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉදිපොලගේ මහතා ප්‍රකාශ කළේ.

වර්ජනය හේතුවෙන් අද උදෑසන ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය ගමන්වාර 36ක් පමණ අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එසේම ධාවනය වන දුම්රිය ද ප්‍රමාදයන් සහිතව ධාවනය වනු ඇති බවයි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.