කෝලිගෙන් නව වාර්තාවක්

එක්දින තරගයක දී වේගවත්ම පිතිකරුවා ලෙස සචින් තෙන්ඩුල්කාර් විසින් තබා තිබූ වාර්තාව බිඳ දැමීමට ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි සමත් වී තිබෙනවා.

ඒ අද පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්තානයට එරෙහිව නොදැවී ලකුණු 122ක් ලබාගනිමින් එක්දින තරඟවල ලකුණු 13000ක් වේගවත්ව ලබා ගත් ක්‍රීඩකයා බවට පත්වීමෙනි.

කෝලි අද තරඟයේ ඉනිම නිමා කළේ පිට පිට පන්දුවලට හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ඉන්දියාව ලකුණු 350 සීමාවෙන් ඔබ්බට තල්ලු කරමින්.

විරාත් කෝලි මේ වන විට එක්දින ශතක 47ක් සහ එක්දින අර්ධ ශතක 65 ක් ලබා ගෙන තිබෙන අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අවසන් වරට ක්‍රීඩා කළ තරග 04 දීම විරාත් කෝලි ශතකය බැගින් ලබා ගෙන තිබෙනවා.