ලිබියාවට ප්‍රබල කුණාටුවක බලපෑම්

නැගෙනහිර ලිබියාවට බලපා ඇති ඩැනියල් නම් වූ ප්‍රබල කුණාටුවක් හේතුවෙන් දරුණු ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති බවට වාර්තා වෙනවා.

2,000 කට ආසන්න පිරිසක් කුණාටුව හේතුවෙන් අවධානමට පත් වී ඇති අතර තවත් බොහෝ පිරිසක් අතුරුදහන් වී ඇති බවයි එරට අගමැති ඔසාමා හමාඩ් ප්‍රකාශ කරන්නේ.

එසේම මේ වන විට ඩැනියෙල් කුණාටුවෙන් ඩර්නා නගරයේ අවම වශයෙන් පුද්ගලයන් 150 දෙනෙකු මිය ගොස් ඇති බව යි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එසේම කඳුවලින් වට වී ඇති මෙම නගරයේ වේලි දෙකක් ද මේ වන විට කඩා වැටී ඇති අතර නගරයේ ජල මට්ටම මීටර් තුනක් (අඩි 10) පමණ ඉහළ ගොස් තිබෙනවා.

තවද ඩර්නා නගරයෙන් පිටත නැගෙනහිර බයිඩා නගරයේ ද අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව නගරයේ ප්‍රධාන වෛද්‍ය මධ්‍යස්ථානය පවසනවා,