ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද මධ්‍යම රාත්‍රියේ වැඩ වර්ජනයක් දියත් කරන බව ශ්‍රී ලංකා දුම්රිය (ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස්) රියදුරු සංගමය දැනුම් දී තිබෙනවා.
වැටුප් වැඩිකිරීම් හා ප්‍රමාද කර ඇති උසසවීම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපක් මුල් කරගනිමිනුයි මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ.
මීට පෙර දුම්රිය ලොකොමෝටිව් රියදුරන්ගේ සංගමය සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම වැඩ වර්ජනය සිදුකරන බවයි ඉංජිනේරු සංගමය පවසන්නේ.
ඒ අනුව අද රාත්‍රී ධාවනය වීමට නියමිත තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර කිහිපයක් ද අවලංගු විය හැකි බව දුම්රිය රියදුරු සංගමය පවසනවා.

