ශ්‍රී ලංකාවේ මේ වන විට ඩොලර් බිලියන 3.6ක විදේශ සංචිතයක් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකා රජය ඇති කරගත් එකඟතාවන්ට සහ රජයේ ඉලක්කවලට මේ හරහා ළඟා වීමට හැකි වී ඇති බවයි.
එසේම මේ වන විට ද්විපාර්ශ්වික ණය හැර සෙසු ගෙවීම් සිදුකරන බැවින් සංචිතවල වෙනස් වීම් සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් බව යි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

