මොරොක්කෝවේ භුමි කම්පාව හේතුවෙන් අසරණ වූ ජනතාවට බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවලින් මේ වන විට ආධාර ලැබී ඇති බව මොරොක්කෝ රජය නිවේදනය කරනවා.
මේ වන විට භූ කම්පනය හේතුවෙන් මරණ 2100 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර තවමත් සුන්බුන් අතර සිරවුණු පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කඳුකර ප්‍රදේශයක සිදුවූ මෙම භූ කම්පනය හේතුවෙන් යන්ත්‍ර සූත්‍ර භාවිත කිරීමට නොහැකි වීම හේතුවෙන් අතින් සහ සවල්වලින් කඩාවැටුණු ගොඩනැගිලි අතර සිර වී සිටින පිරිස් බේරාගැනීමට ඉතාමත් වෙහෙසක් දැරීමට සිදු ව තිබෙනවා.
ඒ ආශ්‍රිතව පිහිටි ගමක් වන Tafeghaghte සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති අතර එහි වැසියන් 200 න් අඩක් පමණ මිය ගොස් ඇති බවයි BBC වාර්තා කරන්නේ.
පසුගිය සිකුරාදා ඇති වූ භූමිකම්පාව, වසර 60 කට පසු එරට සිදු වූ මාරාන්තිකතම භූමිකම්පාව ලෙසයි හඳුන්වන්නේ.

