බාල ඖෂධ හේතුවෙන් 27 දෙනෙක් මිය ගොස් – සජිත්

බාල බෙහෙත් හේතුවෙන් පසුගිය කාල සිමාවේ දී මරණ 27 ක් සිදු වී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු සඳහන් කරන්නේ මරණ පිළිබඳ සෙවීම සඳහා පත් කරන ලද කමිටුවට උපදෙස් ලබා දී තිබෙන්නේ අදාළ මරණ ආසාත්මිකතාවයක් නිසා සිදු වූවක් යන්න සෙවීමට පමණක් බවයි විපක්ෂනයකවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසන්නේ වෛද්‍යවරුන් 800 ක් පමණ හා විශේෂඥ වෛද්‍යවරුන්ද විශාල ලෙස රට හැර ගොස් ඇති බවත්, රජය විසින් කොළඹ මහා රෝහලේ ද විදුලිය විසන්ධි කිරීමට සැලසුම් වූ බවත් ය.