පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සහ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.
ඒ අනුව ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වාර්තා පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට පෙර එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර පසුගිය දා චැනල් 4 නාලිකාව විසින් සිය වීඩියෝව හරහා එල්ල කරන ලද චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා ද විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා තීරණය කතා තිබෙනවා.

