රුසියාව විවේචනය නොකරමින් G20 සමුළුව යුද්ධය ගැන කතා කරයි

මේ වන විට යුක්රේනය සහ රුසියාව අතර පවතින යුද්ධය සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් කිරීමට G20 සමුළුවට සහභාගී වන නායකයන් සිය එකඟත්වය පළ කර ඇති බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිවේදනය කර තිබෙනවා.

එම සමුළුවේ පළමු දිනයේ දී භෞමික වාසි සඳහා සිය හමුදා සහ ආරක්ෂක බලය භාවිතා කිරීම හෙළා දකිමින් විවධ ප්‍රකාශ සිදු කළ නමුත් නමුත් එම කිසිදු ප්‍රකාශයක් හරහා රුසියාව සෘජුව විවේචනය කිරීමෙන් වැලකි සිටීමට සමුළුවේ සාමාජිකයන් කටයුතු කර තිබෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන අදහස් දක්වමින් යුක්රේන රජය සඳහන් කර තිබෙන්නේ මෙම ප්‍රකාශයන් කිසිසේත්ම ආඩම්බර වීමට හේතුවෙන් නොවන බවයි.

එසේම දේශගුණික විපර්යාස සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ණය බර ඇතුළු ගෝලීය ගැටලු රැසක් ද මෙහි දී සාකච්ඡා කර තිබෙනවා.